ඌව පරණගමට පස් කඳු කඩා වැටෙයි – අදත් පස්වරුවේ මහ වැසි

ඊයේ රාත්‍රියේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැලිමඩ- ඌව පරණගම පස්කඳු කඩා වැටීමෙන් නිවාස 10කට දේපොළ හානි සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට මාර්ගවල ද ඇත්තේ අවදානම් තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ වනවිට ද, එම ප්‍රදේශයේ ධාරානිපාත වැසි පතිත වෙමින් ඇති බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන නො නවතින වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

රක්වාන, කෑගල්ල, මීගමුව ආදී ප්‍රදේශවල මහා මාර්ගයන් අධික වර්ෂාවෙන් ඇදහැලුණු ජල පහරින් යට වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු අද දිනයේ දී ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ; මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?