ඌව පරණගමට පස් කඳු කඩා වැටෙයි – අදත් පස්වරුවේ මහ වැසි

ඊයේ රාත්‍රියේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැලිමඩ- ඌව පරණගම පස්කඳු කඩා වැටීමෙන් නිවාස 10කට දේපොළ හානි සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට මාර්ගවල ද ඇත්තේ අවදානම් තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ වනවිට ද, එම ප්‍රදේශයේ ධාරානිපාත වැසි පතිත වෙමින් ඇති බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන නො නවතින වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

රක්වාන, කෑගල්ල, මීගමුව ආදී ප්‍රදේශවල මහා මාර්ගයන් අධික වර්ෂාවෙන් ඇදහැලුණු ජල පහරින් යට වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු අද දිනයේ දී ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ; මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51