මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ තරුණියක් අත්අඩංගුවට

මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් නියෝග අනුව දුරකථන සහ බැංකු වාර්තා විශ්ලේෂණයේදී හෙළිවී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු විසින් මෙය මෙහෙයවා ඇති බවටයි.

එම සැකකරු ලබාදී තිබූ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය හෙරොයින් සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාන්තාවකට අයත් එකක් බවයි.

එම කාන්තාව සහ බන්ධනාගාර ගතව සිටින අනෙක් සැකකරු අඹු සැමියන් බවට ද හෙළිවී තිබෙනවා.

තවදුරටත් සිදු කළ විමර්ශනයේදී එම ගිණුමට අදාළ ඒ. ටී. එම්. කාඩ්පත සන්තකයේ තබාගෙන සිටි තරුණියක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය බන්ධනාගාර ගතව සිටින අඹුසැමි යුවළගේ දියණිය බවට සඳහන්.

මිරිස්ස ප්‍රදේශයේ පදිංචි තරුණිය 20 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40