spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ තරුණියක් අත්අඩංගුවට

මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් නියෝග අනුව දුරකථන සහ බැංකු වාර්තා විශ්ලේෂණයේදී හෙළිවී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු විසින් මෙය මෙහෙයවා ඇති බවටයි.

එම සැකකරු ලබාදී තිබූ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය හෙරොයින් සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාන්තාවකට අයත් එකක් බවයි.

එම කාන්තාව සහ බන්ධනාගාර ගතව සිටින අනෙක් සැකකරු අඹු සැමියන් බවට ද හෙළිවී තිබෙනවා.

තවදුරටත් සිදු කළ විමර්ශනයේදී එම ගිණුමට අදාළ ඒ. ටී. එම්. කාඩ්පත සන්තකයේ තබාගෙන සිටි තරුණියක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය බන්ධනාගාර ගතව සිටින අඹුසැමි යුවළගේ දියණිය බවට සඳහන්.

මිරිස්ස ප්‍රදේශයේ පදිංචි තරුණිය 20 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?