ඔෂල හේරත්ට එරෙහි ව නාගානන්ද ඉදිරිපත් කළ පෙත්සමට මූලික විරෝධතා මතුවෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කොට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත්ට එරෙහි ව ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ අද මූලික විරෝධතා මතු කෙරුණා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මූලික විරෝධතා මතු කරමින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියා.

මෙම සිද්ධිය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මතු නොවන බවත් ඩයනා ගමගේ මහත්මියගේ තීන්දුවට එරෙහි ව තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර සිටියා.

එම මූලික විරෝධතා පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව වගඋත්තරකාර ඔෂල හේරත් “මීමැස්සෝ” නමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

මේ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07