පාකිස්ථානයට අලුත් දඟපන්දු පුහුණුකරුවෙක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස හිටපු දඟපන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් සයීඩ් අජ්මාල් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්,

“PBC කළමනාකරණ කමිටුවේ සභාපති සාකා අෂ්රෆ් මහතා දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමට ලබාදුන් අවස්ථාව පිළිබඳව මම සැබවින්ම ගෞරවයට හා කෘතඥ වෙනවා. පකිස්ථාන ජාතික කණ්ඩායම තුළ දඟ පන්දු යැවීමේ දක්ෂතා වර්ධනය කිරීමට දායක වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම විශ්වාස කරනවා. මගේ වෘත්තීය සහ පුහුණු අත්දැකීම් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ අවි ගබඩාව වැඩි දියුණු කිරීමට උපකාරී වෙතැයි සිතනවා.”

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පාකිස්ථාන හිටපු ක්‍රීඩක උමාර් ගුල් පත් කරනු ලැබුවා.

ඒ, මීට පෙර එම තනතුරේ කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක මෝර්න් මෝකල් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟයි.

උමාර් ගුල් මීට පෙර 2022 ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පාකිස්ථාන කණ්ඩායම ප්‍රමාණවත් දක්ෂතා අතරට නොපැමිණීමත් සමඟ එම කණ්ඩායමේ නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් සිදුකිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32