පාකිස්ථානයට අලුත් දඟපන්දු පුහුණුකරුවෙක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස හිටපු දඟපන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් සයීඩ් අජ්මාල් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්,

“PBC කළමනාකරණ කමිටුවේ සභාපති සාකා අෂ්රෆ් මහතා දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමට ලබාදුන් අවස්ථාව පිළිබඳව මම සැබවින්ම ගෞරවයට හා කෘතඥ වෙනවා. පකිස්ථාන ජාතික කණ්ඩායම තුළ දඟ පන්දු යැවීමේ දක්ෂතා වර්ධනය කිරීමට දායක වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම විශ්වාස කරනවා. මගේ වෘත්තීය සහ පුහුණු අත්දැකීම් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ අවි ගබඩාව වැඩි දියුණු කිරීමට උපකාරී වෙතැයි සිතනවා.”

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පාකිස්ථාන හිටපු ක්‍රීඩක උමාර් ගුල් පත් කරනු ලැබුවා.

ඒ, මීට පෙර එම තනතුරේ කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක මෝර්න් මෝකල් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟයි.

උමාර් ගුල් මීට පෙර 2022 ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පාකිස්ථාන කණ්ඩායම ප්‍රමාණවත් දක්ෂතා අතරට නොපැමිණීමත් සමඟ එම කණ්ඩායමේ නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් සිදුකිරීමටයි කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12