හමාස් අතින් ඝාතනය වූ ශ්‍රී ලාංකික සුජිත්ගේ දේහය දිවයිනට (ඡායාරූප)

ඊශ්‍රායල – හමාස් යුද ගැටුමෙන් මියගිය මෙරට දෙවැනි ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය මෙරටට ගෙනවිත් තිබෙනවා.

අද උදෑසන FLY DUBAI XZ ගුවන් සේවයේ 579 යානාවෙනුයි මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහය ඊශ්‍රායලයෙන් ඩුබායි වෙත එවීමෙන් පසු ව මෙරටට ගෙනවිත් ඇත්තේ.

අප ගුවන් තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන් තොටුපොළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත සුජිත්ගේ දේහය මේ වනවිට එවා ඇති බවයි.

එය අද උදෑසන 8.37ට පමණ මෙරටට ළඟා වී තිබෙනවා.

මෙම දේහය භාර ගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දියණිය, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන පිරිසක් එක් ව සිටියා.

මෙම දේහය පිළිබඳ ව අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා වෙන්නප්පුව – තුලාවෙල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී සිදු කෙරෙනු ඇති.

20231109 090956 scaled
20231109 091051 scaled
20231109 091054 scaled
20231109 091112 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39