නුවරඑළියේ පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලින් ඉවතට

නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් අද (06) දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණා.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය විසින් කැඳවන නඩු සඳහා පෙනි සිටින පොලිස් නිලධාරින්ට සැකකරුවන් ඉදිරියේ දී අපහාස වන ආකාරයෙන් බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් පදනම්කර ගනිමින් පොලිස් නිලධාරීන් අද (06) දිනයේ මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණා.

මාස කිහිපයකම සිට මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරින්ට අපහාස වන බැණ වදින බවත්, එවන් තත්ත්වයක් මත නිල ඇදුමේ ගෞරවය ආරක්ෂාකර ගනිමින් පොලිසියේ රාජකාරි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කළ බවත්, එයට විසදුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස අද (06) පෙරවරුවේ අධිකරණ කටයුතු සිදුකරමින් පැවති අවස්ථාවේ දී මෙලෙස අධිකරණ කටයුතුවලින් ඉවත් වු බවයි එම පොලිස් නිලධාරින් කියා සිටියේ.

මේ පිළිබඳව අප නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමු වී සාකච්ඡා කරන බවයි.

  1. POLICIYA THAMUNGE NAMBUWA THAMUN WIHIN MA ARKSHA WENA LESA WEDA KALANAM MEHEMA KICHA WENNE NAHANE. SULU WERADI WALATA POLICE EPA DEELA ELIYATA DANNA HAKI EWA USAWI DANAWA ANITH PATHTHE BALAPULUWAN KARA KAMATA. USAW DANAWA SHAKTHIMATHWA PAMINILLA NOLIYA, SAKSHI NATHIWA NADU DANAWA. NIYAMA WERADHI KARAYA ALLAGANNE NATHIWA WENA EWUN ALLALA GENATH USAWI DANAWA. POLICIYEDHI GUTI POOJA DEELA BALAHATHKARAYEN WERADHDHA PILIGANIN KIYALA BALEN ATHSAN ARAGENA USAWI DANAWA. MEHEMA KALA BAWA GARU WINISURU THUMAN LA TA AWABODHA UNAMA BANINA EKA AHANNATH DEYAK DHA. USAWIYE WEDAGATH KALAYA GARU WINISURU THUMAN LA GE WEDAGATH KALAYA WENA NADU WALATA APU AYAGE KALAYA IDIRIPATH KARANA ADHALA NATHI AYAGE KALAYA MEKEN WINASA WENAWA. OYA MADHI THAWA BANINNA ONA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26