spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියේ පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලින් ඉවතට

නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් අද (06) දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණා.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය විසින් කැඳවන නඩු සඳහා පෙනි සිටින පොලිස් නිලධාරින්ට සැකකරුවන් ඉදිරියේ දී අපහාස වන ආකාරයෙන් බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් පදනම්කර ගනිමින් පොලිස් නිලධාරීන් අද (06) දිනයේ මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණා.

මාස කිහිපයකම සිට මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරින්ට අපහාස වන බැණ වදින බවත්, එවන් තත්ත්වයක් මත නිල ඇදුමේ ගෞරවය ආරක්ෂාකර ගනිමින් පොලිසියේ රාජකාරි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කළ බවත්, එයට විසදුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස අද (06) පෙරවරුවේ අධිකරණ කටයුතු සිදුකරමින් පැවති අවස්ථාවේ දී මෙලෙස අධිකරණ කටයුතුවලින් ඉවත් වු බවයි එම පොලිස් නිලධාරින් කියා සිටියේ.

මේ පිළිබඳව අප නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමු වී සාකච්ඡා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
19
+1
1
+1
2
+1
5
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?