ඇමරිකානු රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමු වී තිබෙනවා.

පෙර දැනුම්දීමකින් තොරව මෙම හමුව සිදුව ඇත්තේ පලස්තීනයට අයත් බටහිර ඉවුරේ රාමල්ලා නුවර දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්ලින්කන්, සන්නද්ධ රථ පෙළපාලියකින් දැඩි ආරක්ෂාව යටතේ රාමල්ලා වෙත පැමිණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

මෙම හමුවේ දී පලස්තීන ජනාධිපතිවරයා එහිදී ඉල්ලීම් කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීම සඳහා සටන් විරාමයකට යා යුතු බවයි.

එහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා ඇත්තේ ඊශ්‍රායලය මේ මොහොතේ සටන් විරාමයකට නොයනු ඇති බවත්, එලෙස සටන් විරාමයකට ගියහොත් එය හමාස් සටන්කාමීන්ට හිස නැමීමක් බවයි.

හමාස් සටන්කාමීන් අඩපණ වී සිටින මේ මොහොතේ සටන් විරාමයකට ගියහොත් සටන්කාමීන් යළි ශක්තිමත් වනු ඇති බව අවධාරණය කර ඇති රාජ්‍ය ලේකම්වරයා ඔවුන් යළිත් වරක් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනු ඇති බවයි සඳහන් කර ඇත්තේ.

මානුෂීය හේතූන් සැළකිල්ලට ගනිමින් ගාසා හි පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීම කළ යුතු බව ද ඔහු පලස්තීන ජනාපධිති හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
02:35
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
01:01
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12