ජලාශ රැසක වාන් දොරටු විවෘත වෙයි

ප්‍රදේශ රැසකට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය, දැදුරුඔය, අංගමුව සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් 08ක් විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එහි වාන් දොරටු 04ක් අඩි 06 බැගින්, තවත් වාන් දොරටු 02ක් අඩි 04 බැගින් සහ තවත් වාන් දොරටු 02ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව සඳහන්.

විවෘත කර ඇති වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 10,850ක් කලාඔයට මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර එම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 13,800ක් දැදුරුඔයට මුදා හරින බවයි ජලාශය බාර ඉංජිනේරුවරයා කියාසිටියේ.

අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 06 බැගින් විවෘත කර තිබෙනවා.

එම වාන් දොරටුවලින් තත්පරයට ජලය ඝන අඩි 4100ක් මීඔයට මුදා හැරෙන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර ඇත්තේ අඩිය බැගින්.

එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 1440ක් මී ඔයට මුදා හැරෙන බව ද වාරිමාර්ග නිලධාරීන් සඳහන් කළා.

රාජාංගනය හා අංගමුව ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසටයි රාජාංගනය හා අංගමුව ජලාශ බාර වාරි ඉංජිනේරුවරුන් කියාසිටියේ.

අප වාර්තාකරු සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ 1689ක පුද්ගලයින් 6079 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.

පුත්තලම, මුන්දලම, වනාතවිල්ලුව, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

පීඩාවට පත්ව ඇති පිරිස් සදහා සුරක්ෂිත මධ්‍යස්ථාන 06ක් ස්ථාපනය කර ඇති අතර එම මධ්‍යස්ථාන වල පවුල් 263ක පුද්ගලයින් 530ක් රඳවා ඇතැයි සඳහන්.

මේ අතර වැසි ජලය කඩිනමින් බැස යාම සදහා දැදුරුඔය, උඩප්පුව, මුතුපන්තිය සහ වෙල්ලමංකරය මෝය කටවල් පුළුල් කිරීම සිදු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57