ගෙළ කපා ප්‍රේමලතාව ඝාතනය කළ සැමියා ගමෙන් පැනලා

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් ගෙළ කපා සැමියා විසින් බිරිඳව ඝාතනය කළ පුවතක් පොතුපිටිය, රඹුක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ අද (02) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක ඒ.වී.ජී. ප්‍රේමලතා නැමැති කාන්තාවක් වන අතර අපරාධය සිදුකළ සැමියා වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.

මොවුන්ට දරුවන් තිදෙනෙක් ද සිටින අතර, අපරාධය සිදුකළ සැකකාර සැමියා වෙනත් කන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් මියගිය කාන්තාව අවස්ථා කිහිපයක දීම පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, පසුව ඔහුට විවාහක කාන්තාව සමඟ වාසය කරන ලෙස අධිකරණය නියෝගයකින් දන්වා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (02) දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිය යාමෙන් පසු සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙළ කපා මෙලෙස ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
5
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12