රටින් පිටවීම තහනම් කළ චීන කතක් මෙරටට රිංගීමට වෙර දැරීමේ දී අල්ලයි

චීන රජයෙන් රටින් පිටවීමේ තහනම් නියෝගයක් ද පනවා ඇති කාන්තාවක් මෙරට ආගමන හා විගමන පාලනාධිකාරියේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිනියට එරෙහි ව ජාත්‍යන්තර පොලිසියේ ද චෝදනාවක් ගොනු වී ඇත්තේ අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනය යටතේ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ සැකකාරී චීන ජාතික කාන්තාව ඊයේ රාත්‍රියේ දී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා.

53 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකාරිනිය ව ඇය ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදීමයි සිරභාරයට ගෙන ඇත්තේ.

ඇය රාත්‍රී 09.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 213 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වී තිබෙනවා.

ඉන්පසුව ඇය මෙරටට ඇතුළු වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළෙහි ආගමන කවුළුව වෙත පැමිණ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ සොරාගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි ඇතුළත් එකක් බවටයි එම අවස්ථාවේ දී සනාථ වී ඇත්තේ.

ඉන්පසුව මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා විසින් කටුනායක ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මෙම චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවත්, ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අස්ථාන ගත වී ඇති බවත්, ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබාගෙන සිය සංචාරය නිමා කර පිටවී ගොස් ඇති බවත් හෙළි ව තිබෙන්නේ වැඩිදුර විමර්ශන කටයුතුවලදීයි.

ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී ඇයගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය තිබී සොයාගෙන තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී මෙම කාන්තාවට රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන්, ඇය ආපසු පිටුවහල් කිරීම සඳහා ඇය පැමිණි ගුවන් සේවයේ අදාළ ගුවන් යානය වෙත භාරදීමට පියවර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21