AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල හමුදා යුද ටැංකි සමග ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබෙනවා.

මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි.

එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු සොල්දාදුවන් නැවත ඊශ්‍රායල භූමියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී කතාවකදී තම හමුදා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වෙමින් සිටින බව ප්‍රකාශ කළ නමුත් එහා සිදු කරනු ලබන කාලය පිළිබඳව කිසිදු ඉඟියක් ලබා දුන්නේ නැහැ.

ඊශ්‍රායලය පසුගිය සතියේ ගාසා නගරයේ සහ අනෙකුත් උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියන 1.1කට තම ආරක්ෂාව සඳහා දකුණු ප්‍රදේශයට පිටව යන ලෙස ද දැනුම් දෙනු ලැබුවා.

එහෙත් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බී.බී.සී.යට පැවසුවේ ගාසා තීරයේ උතුරේ තම නිවෙස්වලින් පලා ගිය සමහර පලස්තීනුවන් දකුණේ තත්ත්වය නරක අතට හැරෙන විට නැවත පැමිණීමට පටන් ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?