ඊශ්‍රායල හමුදා යුද ටැංකි සමග ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබෙනවා.

මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි.

එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු සොල්දාදුවන් නැවත ඊශ්‍රායල භූමියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී කතාවකදී තම හමුදා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වෙමින් සිටින බව ප්‍රකාශ කළ නමුත් එහා සිදු කරනු ලබන කාලය පිළිබඳව කිසිදු ඉඟියක් ලබා දුන්නේ නැහැ.

ඊශ්‍රායලය පසුගිය සතියේ ගාසා නගරයේ සහ අනෙකුත් උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියන 1.1කට තම ආරක්ෂාව සඳහා දකුණු ප්‍රදේශයට පිටව යන ලෙස ද දැනුම් දෙනු ලැබුවා.

එහෙත් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බී.බී.සී.යට පැවසුවේ ගාසා තීරයේ උතුරේ තම නිවෙස්වලින් පලා ගිය සමහර පලස්තීනුවන් දකුණේ තත්ත්වය නරක අතට හැරෙන විට නැවත පැමිණීමට පටන් ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32