ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබෙනවා.
මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි.
එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු සොල්දාදුවන් නැවත ඊශ්‍රායල භූමියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
මීට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී කතාවකදී තම හමුදා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වෙමින් සිටින බව ප්‍රකාශ කළ නමුත් එහා සිදු කරනු ලබන කාලය පිළිබඳව කිසිදු ඉඟියක් ලබා දුන්නේ නැහැ.
ඊශ්‍රායලය පසුගිය සතියේ ගාසා නගරයේ සහ අනෙකුත් උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියන 1.1කට තම ආරක්ෂාව සඳහා දකුණු ප්‍රදේශයට පිටව යන ලෙස ද දැනුම් දෙනු ලැබුවා.
එහෙත් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බී.බී.සී.යට පැවසුවේ ගාසා තීරයේ උතුරේ තම නිවෙස්වලින් පලා ගිය සමහර පලස්තීනුවන් දකුණේ තත්ත්වය නරක අතට හැරෙන විට නැවත පැමිණීමට පටන් ගෙන ඇති බවයි.














GAHUWA UN HANGILA. GUTI KANNE MARENNE AHINSAKAYIN. HAMAS EWUN GE BUKNER TARGET KARALA BUNKER BUSTER BOMS DAMMATA EHEMA WENA BAWA DENAGENA HAMAS BUNKER HADALA THIYENNE POLOWE GODAK GAMBURIN. BUILDING WALATA GAHANNE BUNKER TUNNEL HADALA THIYENNE EWA YATIN SAHA ENTRANCE THIYENNE EYI BUILDING ATHULEN WENA NISA KIYALA HITHALA. EKATH HAMAS LA DANNA NISA EYI THARAM PAHASUWEN AHU WENA LESA ENTRANCE HADALA NATHIWA ATHI. GODAK BUILDING NAM KUDU WELA GIDA GAHENAWATA WADA SUNBUN YATATA KINDHA BEHELA THIBUNA. NAMUTH TUNNEL LANGA LANGIN BYPASS WENNA HADALA NAM MAGIN WINASHA UNATH WENA THANAKIN AYE PARA SET WENAWA. ME PARA LEHESIYEN IWARA KARANNA BERI EYI. DEPATHTHEMA 20-30 DAHAK MAREYI.