ආධාර දීමට නම්; සටන් විරාමයකට එන්න – ලෝක නායකයෝ කියති

ගාසා තීරයට ආධාර ලබාදීමට නම් ; ඊශ්‍රායලය සහ හමාස් සිය අවි බිම හෙළා වහාම සටන් විරාමයකට පිවිසිය යුතු බව ලෝක නායකයින් අවධාරණය කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ දෙපාර්ශ්වයක් එක් ව සිදු කරනු ලබන මෙම යුද්ධයෙන් මේ වනවිට සිවිල් වැසියන් දහස් ගණනක් පීඩා විඳින බවටයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ.

එය තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, මේ වනවිට දෛනික ව ගාසා තීරයේ ඇවිළෙන යුද ගැටුම් හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය පවසන්නේ තමන්ට පසුගියදා 09 වැනිදා එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත සඳහා මෙලෙස වාරුව ගන්නා බවයි.

හමාස් සංවිධානය විසින් ද ඊයේ දිනයේ දී බටහිර ඉවුරට දැවැන්ත රොකට් ප්‍රහාර එල්ල කර බවට ද ඊශ්‍රායලය චෝදනා කර සිටිනවා.

ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් ගාසා තීරයේ මේ වනවිට පලස්තීනුවන් විශාල වශයෙන් දැඩි පීඩාවකින් ජීවත් වන බවත්, ඔවුන්ට ආධාර ලබාදීමට ඊශ්‍රායලයට සහ පලස්තීනයට සටන් විරාමයකට එන ලෙසටයි අමෙරිකාව සහ රුසියාව ඉල්ලා සිටින්නේ.

  1. OWA MANUSHIKA ADHARA DHA AMANUSHIKA ADHARA DHA. ISRAEL WALATA GAHUWA EKA WERADHIYI. HAMAS INNE BUNKER WALA. GAHANNE SAMANAYA AYATA. HAMAS TA GAHUWATA API MUKUTH KIYANNE NAHE. ISRAEL WISIN PLO EKATA LABUNA LOKA ADHARAYA ANUKAMPAWA SAHA ADHARA NATHI KARANNA WIYADAM KARALA PLANT KALA HAMAS UNMA WINASA KALATA KAMAK NAHE. NAMUTH MARENNE AHINSAKA PODI DARUO, WAYASKA AYA. EYALA GENA LOKA SAMAYA, MANAWA HIMIKAM, SADHARANATHWAYA, GENA PARAM BANA EKA PARAYEK WATH LOKE KISIMA RATAKA NAHE.