බිරිඳ ව ඝාතනය කළ සැමියා වැල්ලම්පිටියේ දී අල්ලයි

බිරිඳව ඝාතනය කර නිවස පිටිපස වළ දැමූ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් – නිරාවිපිට්ටි ප්‍රදේශයෙන් ඝාතකයා පලා ගොස් සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් 23 හැවිරිදි සිය බිරිඳ ව ඝාතනය කර නිවස පිටිපස කොටසක වළ දමා ඇති බවටත් පොලිසිය සොයාගත්තා.

මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දූරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක සිට කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් තිබෙනවා.

එහිදී දියණිය කුලි පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට බවයි පෙනී ගොස් ඇත්තේ.

දියණියගේ දූරකථනයෙන් ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා
පරීක්ෂා කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

දියණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මව මුල්ලියාවෙලි පොලිසිය වෙත දැනුම්දී ඇත්තේ ඉන් පසුවයි.

ලද පැමිණිල්ල මත පුළුල් විමර්ශනයක් කළ මුල්ලියාවේලි පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ
රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සැකකරු අදාළ කාන්තාව ඝාතනය කොට වළ දමා තිබු ස්ථානය හඳුනාගැනීමටත්, මෘත ශරීරය අධිකරණ නියෝග පරිදි ගොඩගැනීමටත් තීරණය කෙරුණේ ඉන්පසුවයි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර, කලෙක පටන් දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවට ආරංචි පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරනවා.

Mulathive 2
Mulathive 3
Mulathive 4
Mulathive 6 2
Mulathive 7 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22