අත් වැරදීමෙන් බෑගයට ගිය රිවෝල්වරය නිසා සෙනෙට් සභිකයෙකුට වැඩ වරදියි

අමෙරිකානු දේශපාලනඥයෙකු හොංකොහි දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම අද සිදු ව ඇත්තේ හොංකොං ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු වොෂින්ටන් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු ව කටයුතු කරන දේශපාලන නියෝජිතයෙකු මෙලෙස පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.

ඔහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ හොංකොං ගුවන් තොටුපොළ හරහා තුවක්කුවක් රැගෙන යාමට එරෙහි වයි.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ එම සැකකරු විසින් සිය වරද හඳුන්වා ඇත්තේ “honest mistake” යනුවෙන් බවටයි.

අමෙරිකානු ජාතික ප්‍රාන්ත සෙනෙට් සභික ජෙෆ් විල්සන් නමැත්තාවයි මෙලෙස හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සතුව තිබී බලපත්‍ර රහිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව ගොනු කෙරුණු චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ මෙම වරදට එරෙහිව වසර 14ක් තෙක් හෝ අමෙරිකානු ඩොලර් 12,000ක දඩයක් නියම කළ හැකි බවයි.

විල්සන් නමැති මෙම සැකකරු ෂා ටින් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඔහුට ඇප ලබා දී ඇති බවත් වාර්තා වනවා.

රිපබ්ලිකන් ප්‍රාන්ත සෙනෙට් සභිකවරයෙකු වන (වොෂින්ටන් නියෝජිත) මෙම සැකකරුගේ සම්පූර්ණ නම ස්ටීවන් ජෙ.විල්සන් බවත්, ඔහුගේ බිරිඳ සති 05ක නිවාඩුවක් සඳහා අග්නිදිග ආසියාවට යමින් සිටියදී සිය පිස්තෝලය ඔහුගේ බෑගයේ අසුරා ඇති බවට තමන් නොදැන සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ එය සත්‍ය වශයෙන් ම සිදු වූ අත් වැරැද්දක් බවත්, එම ගැටලුව ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

සැන් ෆ්රැන්සිස්කෝ සහ හොංකොං අතර පියාසර කිරීමට ඇති ගුවන් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ දී තම බෑගය පරීක්ෂා කිරීමේ දී මෙය සොයාගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26