ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දරුණු අනතුරින් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මේ අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි බංග්ලාදේශ බලධාරීන් සඳහන් කළේ.
ඩකා අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි බහිරාබ්හි දී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් මගී දුම්රියේ මැදිරි දෙකක් පීලි පැන මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
ඩකා බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය චැටෝග්‍රම් බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි බංග්ලාදේශ බලධාරීන් පැවසුවේ.














