කැබිනට් සංශෝධනය ගැන පොහොට්ටුව කනස්සල්ලෙන් (වීඩියෝ)

ජනධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (23) දිනයේ කැබිනට් සංශෝධනයක් සිදු කළා.

එහිදී කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත් අද සිදුකළ කැබිනට් සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ එම තීරණය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බවයි.

“පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පස්දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු වෙන්නේ නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි.”

අද සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ ද පත් කරනු ලැබුවා.

ඊට අමතරව දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිවරයා විසින් පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51