පොලිස්පතිගේ සේවා දිගුව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට ජනාධිපතිවරයා විසින් සති 03ක සේවා දිගුවක් ලබාදුන්නේ තමා සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පොලිස්පතිවරයාට සති තුනක සේවා දිගුවක් ලබා දී ඇත්තේ විෂයභාර අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම්දීමකින් තොරව බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

”මම පසුගිය සතියේ විදේශගතවෙලා හිටියේ. එම සංචාරය පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා ඔය කාරණය සම්බන්ධයෙන් මා සමඟ දීර්ඝව සාකච්ඡා කළා. දින කිහිපයකින්  ජනාධිපතිතුමා ද චීනයේ සංචාරයකට සහභාගිවීමට නියමිතව තිබුණා. ඒ නිසා අප දෙදෙනාම යළි පැමිණෙන තෙක් තවත් සති තුනක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට සී.ඩී.වික්‍රමරත්නට  පැවරීමට තීන්දු කළා. ඒ නිසා ජනාධිපතිතුමා විෂයභාර අමාත්‍යවරයාගේ දැනුවත් භාවයකින් තොරව එම සේවා දිගුව ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා පල වී ඇත්තනම් එය මුළුමනින්ම පදනම් විරහිතයි”

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත මේ මස අවසන් වනතෙක් සේවා දිගුවක් ලබාදීම ගැටළුකාරී තත්ත්වයක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56