ත්‍රිරෝද රථ සොරාගෙන කාන්තාවන් ඇසුරු කළ තරුණයෙක් අල්ලයි (වීඩියෝ)

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කරන අයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසනවා.

සැකකරු විසින් මෙලෙස ලබාගන්නා මුදල් කාන්තා ඇසුරු සඳහා වැයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු විසින් මාස 08ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා ත්‍රිරෝද රථ 21ක් සොරා ගෙන ඇති බවයි.

මෙලෙස අලෙවිකරන ලද ත්‍රිරෝද රථවලින් ත්‍රිරෝද රථ 06ක් සහ ඉතිරි ත්‍රිරෝද රථවල කොටස් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අඩු මුදලකට ත්‍රිරෝද රථයක් විකිණීමට පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු විසින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, මිහිජය සෙවන, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල මහල් නිවාස අසල නවතා ඇති ත්‍රිරෝද රථ සොරාගෙන හංවැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ වර්ණය වෙනස් කර හෝ කොටස් කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

චැසි සහ එන්ජින් අංක වෙනස් කර එහි ලියා පදිංචි සහතිකය නැති වූ බව පවසමින් සහ වාරික ගෙවීමට අපහසු බව පවසමින් මෙම ත්‍රිරෝද රථ මෙලෙස අඩු මුදලට විකුණා ඇතැයි පොලිසිය පවසනවා.

29 හැවිරිදි සැකකරු විසින් මෙම ජාවාරම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද සම්බන්ධකර ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එලෙස හවුල්කරුවන් දෙදෙනාගෙන් ගරාජය හිමි තැනැත්තා මේ වනවිට විදේශ ගතව සිටින අතර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් හවුල්කරු ප්‍රදේශය හැර පළගොස් සැඟව සිටින බවයි වාර්තා වුණේ.

සැකකරු සොරාගත් තිබූ ත්‍රිරෝද රථ, කිරිබත්ගොඩ ,රඹුක්කන වෙන්නප්පුව, සහ කොළඹ ආදී තදාසන්න ප්‍රදේශයේ කීපයකට විකුණා ඇති බවයි අනවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00