ත්‍රිරෝද රථ සොරාගෙන කාන්තාවන් ඇසුරු කළ තරුණයෙක් අල්ලයි (වීඩියෝ)

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කරන අයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසනවා.

සැකකරු විසින් මෙලෙස ලබාගන්නා මුදල් කාන්තා ඇසුරු සඳහා වැයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු විසින් මාස 08ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා ත්‍රිරෝද රථ 21ක් සොරා ගෙන ඇති බවයි.

මෙලෙස අලෙවිකරන ලද ත්‍රිරෝද රථවලින් ත්‍රිරෝද රථ 06ක් සහ ඉතිරි ත්‍රිරෝද රථවල කොටස් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අඩු මුදලකට ත්‍රිරෝද රථයක් විකිණීමට පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු විසින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, මිහිජය සෙවන, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල මහල් නිවාස අසල නවතා ඇති ත්‍රිරෝද රථ සොරාගෙන හංවැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ වර්ණය වෙනස් කර හෝ කොටස් කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

චැසි සහ එන්ජින් අංක වෙනස් කර එහි ලියා පදිංචි සහතිකය නැති වූ බව පවසමින් සහ වාරික ගෙවීමට අපහසු බව පවසමින් මෙම ත්‍රිරෝද රථ මෙලෙස අඩු මුදලට විකුණා ඇතැයි පොලිසිය පවසනවා.

29 හැවිරිදි සැකකරු විසින් මෙම ජාවාරම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද සම්බන්ධකර ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එලෙස හවුල්කරුවන් දෙදෙනාගෙන් ගරාජය හිමි තැනැත්තා මේ වනවිට විදේශ ගතව සිටින අතර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් හවුල්කරු ප්‍රදේශය හැර පළගොස් සැඟව සිටින බවයි වාර්තා වුණේ.

සැකකරු සොරාගත් තිබූ ත්‍රිරෝද රථ, කිරිබත්ගොඩ ,රඹුක්කන වෙන්නප්පුව, සහ කොළඹ ආදී තදාසන්න ප්‍රදේශයේ කීපයකට විකුණා ඇති බවයි අනවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21