ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වෙන්න ඩොලර් 10,000ක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අර්බුදයකට ලක්ව සිටින ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමෙරිකානු ඩොලර් 10,000ක් වෙන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ වෙන් කර ඇති ඩොලර් 10,000ක අරමුදල මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් ලබාදීමටයි මෙම මුදල් ලබාදී ඇත්තේ.

ඉදිරියේදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ සඳහා තවදුරටත් මුදල් වෙන් කිරීමට ද පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට උපදෙස් ද නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ඔවුන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

  1. ඊශ්‍රායල් අයන් ඩොම් පද්දතියේ එක මිසයිලයක් අමෙරිකානු ඩොලර් 60,000/- වෙනව කියල කවුරුහරි කියනව ඇහුණා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39