spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වෙන්න ඩොලර් 10,000ක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අර්බුදයකට ලක්ව සිටින ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමෙරිකානු ඩොලර් 10,000ක් වෙන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ වෙන් කර ඇති ඩොලර් 10,000ක අරමුදල මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් ලබාදීමටයි මෙම මුදල් ලබාදී ඇත්තේ.

ඉදිරියේදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ සඳහා තවදුරටත් මුදල් වෙන් කිරීමට ද පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට උපදෙස් ද නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ඔවුන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
4
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?