පස්සර මාරක අනතුරේ බස් රථ රියදුරා සහ ටිපර් රථ රියදුරා රිමාන්ඩ්

පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. බස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඊට අමතරව  බස් රථ අනතුරින් පසු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය කියාසිටියේ. ඊයේ සිදුවූ මෙම අනතුරට අදාළව විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මකයි. පළාගොස් සිටි ටිපර් රථ රියදුරා 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා. අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්. බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්. අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා. මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32