පස්සර මාරක අනතුරේ බස් රථ රියදුරා සහ ටිපර් රථ රියදුරා රිමාන්ඩ්

පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. බස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඊට අමතරව  බස් රථ අනතුරින් පසු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය කියාසිටියේ. ඊයේ සිදුවූ මෙම අනතුරට අදාළව විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මකයි. පළාගොස් සිටි ටිපර් රථ රියදුරා 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා. අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්. බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්. අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා. මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09