ඉක්වදෝරයේ නව ජනපති පුටුව කෙසෙල් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුට ?

ඉක්වදෝර රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස Daniel Noboa තේරී පත් ව තිබෙනවා.

මේ වනවිට ඉක්වදෝරයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ; Guillermo Lasso විසින්.

ඉක්වදෝරයේ මැතිවරණයෙන් පසුව එන ඡන්ද ප්‍රතිඵල ලතින් අමෙරිකානු ජාතියේ ඉහළ යන ප්‍රචණ්ඩත්වය සහ අයහපත් අතර හැරෙන ජාතික ආරක්ෂාවට සෘජු ලෙස බලපෑම් එල්ල කරනු ඇති.

එරට දේශපාලන සහ මැතිවරණ ආරංචි මාර්ග වාර්තා කරන්නේ තවමත් 35 හැවිරිදි වියෙහි සිටින Daniel Noboa යනු ඉක්වදෝරයේ ජාතික සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන් ම, ප්‍රකෝටිපති ව්‍යාපාරික පරිපාලනවේදියෙකු බවයි.

මධ්‍ය සහ දකුණු ඉක්වදෝරය නියෝජනය කරමින් මැතිවරණයට එක් ව ඇති ඩැනියෙල් නොබෝවා යනු එරට වෙසෙන කෙසෙල් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු බවටයි විදෙස් මාධ්‍ය නව ජනාධිපතිවරයා ගැන හඳුන්වා ඇත්තේ.

ඉක්වදෝර ජනාධිපතිවරණයේ දී මිලියන 10කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට ගණනය කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඉක්වදෝරයේ ජාතික මැතිවරණ කවුන්සිලයේ (CNE) දත්ත පෙන්වා දෙන්නේ නොබෝවා ඡන්දවලින් 52.3%ක් (4,829,130) ලබාගෙන ඉදිරියෙන් සිටියා.

ඔහුගේ ජනපති සටනේ දේශපාලන ප්‍රතිවාදියා වන්නේ වාමාංශික අපේක්ෂක සහ පළමු වටයේ ඉදිරි අපේක්ෂක ලුයිසා ගොන්සාලෙස්.

ගොන්සාලෙස් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.7% ඡන්ද (4,404,014)ක්.

ඉක්වදෝරයේ ජනපතිකම අහිමි වීමේ අවදානමක සිටින වත්මන් ජනපති Guillermo Lasso ව්‍යවස්ථාදායකය විසුරුවා හැර ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටීමේ දී එහි නීති සම්පාදකයෙකු ලෙසට Noboa කටයුතු කළා.

Acción Democrática නැෂනල් පක්ෂයේ අපේක්ෂකයා, තරුණයින් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට, වැඩි විදේශ ආයෝජන ගෙන ඒමට, අපරාධවලට එරෙහි ව සටන් කිරීමට, තාක්ෂණය භාවිතා කිරීමට ප්‍රතිඥා දී ඇති අතර බදු පැහැර හැරීම් සඳහා දඬුවම් ලබාදීම ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාමාර්ග කිහිපයක් නව පත්වීමෙන් පසු ව රට තුළ සිදු කරන බවට පොරොන්දු වී තිබෙනවා.

මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් නොබෝවා තම රටට සේවය කිරීමට ඉඩ දීම ගැන තම බිරිඳට, දෙමාපියන්ට සහ දෙවියන්ට ස්තුති කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්; “I also thank all those people who have been part of a new, young, improbable political project, a political project whose purpose was to give back a smile to the country” යනුවෙන්.

අද සිට ඩැනියෙල් සිය මව් රටේ නව ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙන්නේ.

Creating Opportunities පක්ෂයෙනුයි ගොන්සාලෙස් මීට පෙර ජනපති ධුරයෙහි කටයුතු කළේ.

ඩැනියෙල් නොබෝවා යනු ඉක්වදෝරයේ දහසක් හැලහැප්පීම් සහ භීෂණ මධ්‍යයේ ජනපති පුටුවට ආ 48 වැනි දේශපාලන විධායකය යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21