ඇෆ්ගනිස්ථානයේ තවත් භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ ඇති වූ තුන්වන භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 6.3ක අගයක් ගෙන තිබෙනවා.

ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානයේ මීට පෙර ඇති වූ භූකම්පන දෙකෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මිය ගියා.

එම සංඛ්‍යාවෙන් 90% කට වඩා කාන්තාවන් සහ ළමයින් බවයි එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?