AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව අද (15) උදෑසන 9.00 සිට ඉදිරි පැය 24 දක්වා මෙම ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

මේ සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ජීවත්වන ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැළකිලිමත්ව පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බව වාර්තා වනවා.

එම ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ. ඩයස් සඳහන් කළේ, මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?