පසුගිය සතියේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1300කට අධික පිරිසක් මිය ගියා.
AFP ප්‍රවෘත්ති ඒජන්සිය ඔවුන්ගේ ජාතික බලධාරීන්ගේ තොරතුරු මත පදනම්ව මේ වනවිට මියගිය, අතුරුදහන් වූ හෝ ප්‍රාණ ඇපයට ගත් විදේශිකයන් 100 කට වැඩි සංඛ්‍යාවකගේ ලැයිස්තුවක් මේ වනවිට සම්පාදනය කර තිබෙනවා.
ඒ, අනුව ඇමරිකා ජාතිකයින් 27 දෙනෙක්, තායිලන්තය ජාතිකයින් 24ක්, ප්‍රංශ ජාතිකයින් 15ක්, නේපාල ජාතිකයින් 10ක්, ආර්ජන්ටිනා සහ යුක්‍රේන ජාතිකයින් සොව් දෙනා බැඟින් මියගොස් තිබෙනවා.
මීට අමතරව රුසියානු, එක්සත් රාජධානිය සහ චිලී ජාතිකයින් සිව්දෙනෙකු බැඟින් මෙම ප්‍රහාර හමුවේ මියගොස් ඇති අතර, ඔස්ට්‍රියානු, බෙලරුස්, කැනේඩියානු, චීන, පිලිපීන සහ බ්‍රසීල ජාතිකයින් තිදෙනා බැඟින් මියගොස් ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම පේරු සහ රුමේනියානු ජාතිකයින් දෙදෙනෙකු බැඟින් හමාස් ප්‍රහාරයන් හමුවේ මියගොස් තිබෙනවා.
මේ අතර ඕස්ට්‍රේලියාව, අසර්බයිජානය, කාම්බෝජය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, කොලොම්බියාව, පැරගුවේ යන රටවලට අයත් එක් පුද්ගලයෙකු බැඟින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජර්මනිය සහ මෙක්සිකෝ ජාතිකයින් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සටන්කාමීන් රඳවාගෙන ඇති අතර, ඉතාලි, පැරගුවේ, ශ්‍රී ලංකා සහ ටැන්සානියා ජාතිකයින් කිහිප දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.














දැනට mama israel rate saththsewaye වසර 11 wenawa සේවයේ neyathuwa ath me wage අර්බුදයක් awe ne danata mama telw .ramala නගරයේ bin ගෙවල් යට mage හාම්පුතා ayage දරුවන් සමඟ kesema කරදරයක් nethewa ennawa aka deyai oba samagen ellanne me rata සාමය udawewa keya parthana karanna a athi බුදුසරණයි හැමෝටම