හොරෙන් රට රැකියාවට යන්න ගිය තරුණියක් කටුනායකදී අත්අඩංගුවට

ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීති විරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 21 ඉක්මවා ඇති තරුණියන්‍ පමණයි.

එහෙත් මෙලෙස වංචනිකව කටාර් රාජ්‍යයට යැවීමට උත්සහ කළ තරුණිය මොරටුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

ඇය අද උදෑසන 10.30ට පමණ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ QR- 665 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මෙම ගුවන් ගමන පිටත්ව යාම සඳහා අවශ්‍ය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගැනීමෙන් අනතුරුව සිය විගමන කටයුතු සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඇය සතුව කටාර් රාජ්‍යයේ රැකියා කිරීම සඳහා වීසා බලපත්‍රයක් තිබුණ ද ඇය එම රැකියාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම, එරට රැකියා නියෝජිත සමග ඇති කර ගත් රැකියා ගිවිසුම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව පිළිබඳ සහතිකය නොවීම නිසා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව වැඩිදුරටත් මෙම තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී අනාවරණ වී ඇත්තේ කිසියම් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය රැගෙන විත් ඇති අතර එම කාන්තාවට මෙම තරුණිය එහිදී රුපියල් 21,500ක මුදලක් ලබා දී ඇති බවයි.

එසේම මෙම තරුණිය රැකියාවක් සඳහා පිටත්ව යාමට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිස සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට හසු නොවී තිබීම විශේෂත්වයක්.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12