2023 මුද්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන 26 BMICH හි දී

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය, එළඹෙන ශ්‍රී ලංකා මුද්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2023 හා ඊට සමගාමී ව පැවැත්වෙන මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය සමග එක්ව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය සමග අත්වැල් බැඳගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම ප්‍රදර්ශනය අති නවීන තාක්ෂණයන්හි විශිෂ්ට ප්‍රදර්ශනයක් වන අතර එය ඔක්තෝබර් 26 සිට 28 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වෙනු ඇති.

නියමිත දිනයන්හි දී දිනපතා පෙරවරු 09:00 සිට පස්වරු 07:00 දක්වා මෙය පැවැත්වෙනු ඇති.

මුද්‍රණ සහ ඇසුරුම් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා, නිෂ්පාදන සහ සේවා ගවේෂණය කිරීමට කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට මෙම උත්සවය වේදිකාවක් වනු ඇති.

සහභාගිවන්නන්ට නව්‍යකරණයන්හි උච්චතම අවස්ථාව විදහා දක්වන උද්‍යෝගිමත් ප්‍රදර්ශනයක් ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

කුසලතාවයේ සහ ශිල්පීය දක්ෂතාවයේ විශිෂ්ටත්වය මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණයි.

2023 ඔක්තෝම්බර් 27 වන දින සන්ධ්‍යාවේ කොළඹ – 03 හි පිහිටි මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වීමට
නියමිත ජාතික මුද්‍රණ සම්මාන උලෙළ, වසර හතරක විරාමයකින් පසු මුද්‍රණ විශිෂ්ටත්වයේ විශිෂ්ට ජයග්‍රහණ
හඳුනාගෙන ගෞරව කිරීමට ද සූදානමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23