ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී දිවි රඟ මඬලෙන් නික්ම යයි

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථාන භූමියේදී සිදු කෙරුණා.

ඔහුගේ දේහය තැන්පත් කර තිබූ කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවසට ඊයේ මෙන්ම අද දිනයේ ද අව්වැසි නොතකා අතිවිශාල රසික ජනතාවක් අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියා.

ඔහුට අවසන් ගෞරව දැක්වීමට ජැක්සන් ඇන්තනීගේ සහෝදර කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම පූජක පක්‍ෂය ද පැමිණියා.

ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූයේ පසුගිය 9 වනදායි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

2022 වසරේ ජුලි 02 වනදා අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පියා පසුව කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබුවා.

ඔහුට කොළඹ ජාතික රෝහලේදී පැය හතක පමණ ශල්‍යකර්මයක් සිදු කෙරුණු අතර එතැන් සිට මාස 14ක පමණ කාලයක් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

1958 ජූලි 8 වන දින උපත ලැබූ ජැක්සන් ඇන්තනි සිනමාව, රූපවාහිනිය සහ නාට්‍ය නිෂ්පාදනයේ විවිධත්වය සඳහා ප්‍රසිද්ධ වූ අයෙක්.

ඔහු සම්මානලාභී නළුවෙකු වූ අතර නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, ඉතිහාසඥයෙකු, නවකතාකරුවෙකු, තිර රචකයෙකු, ගීත රචකයෙකු, රූපවාහිනී නිවේදකයෙකු සහ ගායකයෙකු ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40