කාන්තාවන් සහ ළමුන් ප්‍රාණ ඇපයෙන් නිදහස් කරන ලෙසට UN ඉල්ලයි

ඊශ්‍රායලයේ හමුදා සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පසුගිය 7 වැනිදා සිට එනම් නොකඩවා දින හයක් පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ වැසියන් 1228කුත්, පලස්තීන වැසියන් 1500කට ආසන්න ගණනකුත් මියගොස් ඇති බව අලුත් ම විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.

ජගත් සංවිධානය පවසන්නේ; ගාසා තීරයේ පලස්තීනුවන් 338,934 ක් මෙම යුද්ධයෙන් අවතැන්ව සිටින බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද ඊශ්‍රායලයට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඔහු පැමිණෙන්නේ ඊශ්‍රායලයට අමෙරිකානු සහාය පළ කිරීමක් වශයෙන් බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස්ත් මුණගැසීමට නියමිත බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.

පසුගිය 7 වැනිදා සිට හමාස් සහා ඊශ්‍රායල හමුදා අතර පවතින මෙම ගැටුම්වලින් අද වනවිට ඊශ්‍රායල සෙබළුන් ඇතුළු වැසියන් 3007කුත්, හමාස් සටන්කාමීන් ඇතුළු වැසියන් 5600කුත් තුවාල ලබා සිටිනවා.

ඊශ්‍රායලයේ සෙබළුන් 300,000ක බල ඇණියක් මේ වනවිට ගාසා තීරය අසලට පැමිණ සිටින අතර යුද විශ්ලේෂකයින් පවසන්නේ එරට පාබල හමුදා ගාසා තීරය ආක්‍රමණය කිරීමේ සුදානමකින් සිටින බවයි.

ඊශ්‍රායලයේ ජනපති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රී රට වැසියන් අමතමින් කියා සිටියේ අවසාන හමාස් සාමාජිකයා විනාශ කරන තෙක් මෙම ප්‍රහාර නො නවත්වන බවයි.

හමාස් ඊශ්‍රායල් ගැටුම් පිළිබඳ හදිසි රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ළමුන් සහ කාන්තාවන් ප්‍රාණ ඇපයේ තබා නොගන්නා ලෙසත් එසේ රඳවාගෙන සිටින පිරිස් වහාම මුදා හරින ලෙසත් ජගත් සංවිධානය දෙපාර්ශ්වයෙන් ම දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21