කාන්තාවන් සහ ළමුන් ප්‍රාණ ඇපයෙන් නිදහස් කරන ලෙසට UN ඉල්ලයි

ඊශ්‍රායලයේ හමුදා සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පසුගිය 7 වැනිදා සිට එනම් නොකඩවා දින හයක් පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ වැසියන් 1228කුත්, පලස්තීන වැසියන් 1500කට ආසන්න ගණනකුත් මියගොස් ඇති බව අලුත් ම විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.

ජගත් සංවිධානය පවසන්නේ; ගාසා තීරයේ පලස්තීනුවන් 338,934 ක් මෙම යුද්ධයෙන් අවතැන්ව සිටින බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද ඊශ්‍රායලයට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඔහු පැමිණෙන්නේ ඊශ්‍රායලයට අමෙරිකානු සහාය පළ කිරීමක් වශයෙන් බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස්ත් මුණගැසීමට නියමිත බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.

පසුගිය 7 වැනිදා සිට හමාස් සහා ඊශ්‍රායල හමුදා අතර පවතින මෙම ගැටුම්වලින් අද වනවිට ඊශ්‍රායල සෙබළුන් ඇතුළු වැසියන් 3007කුත්, හමාස් සටන්කාමීන් ඇතුළු වැසියන් 5600කුත් තුවාල ලබා සිටිනවා.

ඊශ්‍රායලයේ සෙබළුන් 300,000ක බල ඇණියක් මේ වනවිට ගාසා තීරය අසලට පැමිණ සිටින අතර යුද විශ්ලේෂකයින් පවසන්නේ එරට පාබල හමුදා ගාසා තීරය ආක්‍රමණය කිරීමේ සුදානමකින් සිටින බවයි.

ඊශ්‍රායලයේ ජනපති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රී රට වැසියන් අමතමින් කියා සිටියේ අවසාන හමාස් සාමාජිකයා විනාශ කරන තෙක් මෙම ප්‍රහාර නො නවත්වන බවයි.

හමාස් ඊශ්‍රායල් ගැටුම් පිළිබඳ හදිසි රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ළමුන් සහ කාන්තාවන් ප්‍රාණ ඇපයේ තබා නොගන්නා ලෙසත් එසේ රඳවාගෙන සිටින පිරිස් වහාම මුදා හරින ලෙසත් ජගත් සංවිධානය දෙපාර්ශ්වයෙන් ම දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?