ඊශ්‍රායලයේ හමුදා සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පසුගිය 7 වැනිදා සිට එනම් නොකඩවා දින හයක් පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ වැසියන් 1228කුත්, පලස්තීන වැසියන් 1500කට ආසන්න ගණනකුත් මියගොස් ඇති බව අලුත් ම විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
ජගත් සංවිධානය පවසන්නේ; ගාසා තීරයේ පලස්තීනුවන් 338,934 ක් මෙම යුද්ධයෙන් අවතැන්ව සිටින බවයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද ඊශ්‍රායලයට පැමිණීමට නියමිත ව තිබෙනවා.
ඔහු පැමිණෙන්නේ ඊශ්‍රායලයට අමෙරිකානු සහාය පළ කිරීමක් වශයෙන් බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස්ත් මුණගැසීමට නියමිත බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.
පසුගිය 7 වැනිදා සිට හමාස් සහා ඊශ්‍රායල හමුදා අතර පවතින මෙම ගැටුම්වලින් අද වනවිට ඊශ්‍රායල සෙබළුන් ඇතුළු වැසියන් 3007කුත්, හමාස් සටන්කාමීන් ඇතුළු වැසියන් 5600කුත් තුවාල ලබා සිටිනවා.
ඊශ්‍රායලයේ සෙබළුන් 300,000ක බල ඇණියක් මේ වනවිට ගාසා තීරය අසලට පැමිණ සිටින අතර යුද විශ්ලේෂකයින් පවසන්නේ එරට පාබල හමුදා ගාසා තීරය ආක්‍රමණය කිරීමේ සුදානමකින් සිටින බවයි.
ඊශ්‍රායලයේ ජනපති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රී රට වැසියන් අමතමින් කියා සිටියේ අවසාන හමාස් සාමාජිකයා විනාශ කරන තෙක් මෙම ප්‍රහාර නො නවත්වන බවයි.
හමාස් ඊශ්‍රායල් ගැටුම් පිළිබඳ හදිසි රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ළමුන් සහ කාන්තාවන් ප්‍රාණ ඇපයේ තබා නොගන්නා ලෙසත් එසේ රඳවාගෙන සිටින පිරිස් වහාම මුදා හරින ලෙසත් ජගත් සංවිධානය දෙපාර්ශ්වයෙන් ම දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.














BRITAIN EKKA SATAN KARAPU HEMA RATAK MA UN 2TA 3T KADUWA. SAPATHTHU LEWA KAPU APE WAGEYI RATAWALATA KOTAS WASHAYEN EKATHU KARALA EKA RATAK HADAPU UN APITA WITHAAK DEELA GIYA. DEKEN MA WENNE NATHI PRASHNA ATHI WENA EKA. KISIDAKA NOWISENDENA WARGIKA PRASHA ASIA AFICA RATAWALATA BO KALEYI BRITAIN UN. SAMAYEN JATHEEN 3K AGAM 3 JEEWATH UNA PALASTINE WALATA 1917 PASSE BRITAIN KALETH EKA. USA KARANNE UNTA SAHA UNGE GATHTHANTA PRASHANAYAK WENA RATAWAL UDIN MUHUDEN BIMIN BOMBA DALA KUDU KARALA WINASHA KARALA DANA EKA. EKA KARANNA KALIN UNGE SPY SERVICE EYI RATAWAL ATHULE MATHAWADHA, PRASHANA HADANAWA THIYENA SAMAKAMEE PALANAYATA EREHIWA. UN NKIYANNE DAN THIYENNE APAYAK, INNA EKA ELAWALA DAMU, ITA PASSE LABENNE SURA PURAYAK KIYALA. HONDHATA THIBUNA AFGANSTHAN, SWITZERLAND IN AFIRICA KIYALA KIYAPU LIBYA, ITA PASSE HONDHAMA RTA UNA SYRIA, LEBENON, HYITI, JAPAN, SUDAN WINASHA KALEYI EHEMAYI. UN HARIMA KUHAKA MINISSU, RATAKATA DIYUNUWENNA DENNEMA NAHE.