ඉන්දියාවට එරෙහි ව ඇෆ්ගනුන් අද පිටියට – ඊයේ තරගයෙන් එංගලන්තයට ජය

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 9 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර යි.

මෙම තරගය අද පස්වරු 2ට දිල්ලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් හොබවනු ලබනවා.

හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගන් කණ්ඩායම මෙහෙයවනවා.

මේ අතර ඊයේ පැවති 7 වැනි තරගයෙන් පළමු ලෝක කුසලාන තරග ජය ලබන්නට එංගලන්තය සමත් වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තයෙන් හිමි වූ අභියෝගගත ලකුණු පුවරුව 364ක්.

විශිෂ්ට ඉනිමකට වගකියූ ඩේවිඩ් මලාන් ලකුණු 140ක් ලබාගත්තා.

රූට් ලකුණු 82යි.

බෙයාර්ස්ටෝගෙන් අර්ධ ශතකයක් හිමිවුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

ලිට්න් දාස් ලකුණු 76ක් සහ රහීම් 51ක් රැස් කළා.

කඩුලු බිඳ හෙලීමේ දී එංගලන්ත ඉනිම වෙනුවෙන් Reece Topley කඩුලු 04ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 02ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් බිඳ දැමුවේ සෑම් කරන්, මාර්ක් වුඩ්, ඇඩිල් රෂීඩ් සහ ලියෑම් ලිවින්ග්ස්ටෝන් හට යි.

එංගලන්තය තරගය ජයගත්තේ ලකුණු 137ක් ඉදිරියෙන් සිටිමින්.

තරගයේ වීරයා සම්මානය මලාන් විසින් දිනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39