තමන් ගාසා තීරයේ මායිම් ප්රදේශයේ පාලනය යළි අත්පත් කරගත් බව ඊශ්රායලය පවසනවා.හමාස් සටන්කාමීන් විසින් ඔවුන්ගේ මාරාන්තික ප්රහාර දියත් කරණු ලැබුවේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. ඊශ්රායල ගුවන් හමුදාව පවසන්නේ ගාසා තීරයේ ඉලක්ක 200කට එක රැයකින් පහර දුන් බවයි
ඊයේ (09) සවස හමාස් සංවිධානය අනතුරු ඇඟවූයේ අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්රහාර දිගටම පැවතුනහොත් තමන් ඊශ්රායලයෙන් ගත් ප්රාණ ඇපකරුවන් මරා දමන බවයි.ඊශ්රායල හමුදාව ගාසා තීරයේ සිටින ජනතාවට ඊජිප්තුව විසින් පාලනය කරන ලද එක් හරස් මාර්ගයකින් පිටව යන ලෙස උපදෙස් දුන් නමුත් පසුව එම හරස් මාර්ගයද වසා දමා තිබෙනවා.කෙසේවෙතත් මේ වනවිට ඊශ්රායලය ඉන්ධන, විදුලිය සහ ජලය සැපයුම කපා හැර ඇති බැවින් යුනිසෙෆ් ගාසා තීරයට සහ ඉන් පිටත මානුෂීය කොරිඩෝවක් ඉල්ලා ඇති බවද සඳහන්.සෙනසුරාදා උදෑසන ප්රහාර ආරම්භ වූ දා සිට ඊශ්රායලයෙන් සහ ගාසා තීරය අවටින් හමාස් සටන්කාමීන් 1500කගේ සිරුරු සොයා ගත් බවයි .














