මුදල් රාජ්‍ය ඇමති, IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි (ඡායාරූප)

මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් අතර හමුවක් පැවැත් වුණා.

එහි දී ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ලබාදෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් අතර හමුවක් ද පැවැත්වා තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම ඊයේ (09) මොරොක්කෝවේ දී ආරම්භ වුණා.

මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළගා කරගැනීම සඳහා අපගේ සියලුම හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තුවන බව සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මොරොක්කෝවේ මරකේච් හිදී ලබන 15 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිනවා.

WhatsApp Image 2023 10 10 at 8.57.26 AM
WhatsApp Image 2023 10 10 at 8.57.25 AM
WhatsApp Image 2023 10 10 at 8.56.46 AM
WhatsApp Image 2023 10 10 at 8.56.45 AM
WhatsApp Image 2023 10 10 at 8.55.15 AM
WhatsApp Image 2023 10 10 at 8.55.14 AM
WhatsApp Image 2023 10 10 at 8.55.13 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?