මුදල් රාජ්‍ය ඇමති, IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි (ඡායාරූප)

මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් අතර හමුවක් පැවැත් වුණා.

එහි දී ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ලබාදෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් අතර හමුවක් ද පැවැත්වා තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම ඊයේ (09) මොරොක්කෝවේ දී ආරම්භ වුණා.

මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළගා කරගැනීම සඳහා අපගේ සියලුම හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තුවන බව සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මොරොක්කෝවේ මරකේච් හිදී ලබන 15 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිනවා.

WhatsApp Image 2023 10 10 at 8.57.26 AM
WhatsApp Image 2023 10 10 at 8.57.25 AM
WhatsApp Image 2023 10 10 at 8.56.46 AM
WhatsApp Image 2023 10 10 at 8.56.45 AM
WhatsApp Image 2023 10 10 at 8.55.15 AM
WhatsApp Image 2023 10 10 at 8.55.14 AM
WhatsApp Image 2023 10 10 at 8.55.13 AM
  1. VERY FEW INTELLIGENT, EDUCATED AND INTELECTUAL FELLOWS IN THI SBULLY GOVT. ONE IS THIS BUGGER AND VERY FEW OTHERS STILL WITH THEM. ANOTHER OE IS SIYAMBALAPITIYA. ALL OTHERS ARE UNEDUCAED UNCIVILISED WOMANISE AND DRUNKEN MONEY GRREDY BLACKSHEEPS.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18