නෙදර්ලන්තය පරදා නවසීලන්තය ජය ලබයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සය වැනි තරගය වන නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා

මෙම තරගයෙන් ලකුණු 99ක ජයක් ලැබිමට නවසීලන්තය සමත් වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 322ක් ලබාගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විල් යන්ග් පන්දු 80කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 70ක් රැස්කරගත්තේය.

නවසීලන්ත ඉනිමට ශක්තියක් ගෙන එමින් නායක ටොම් ලේතම් ලකුණු 53ක් රැස්කළේය.

රචින් රවින්ද්‍රා ලකුණු 51ක්, ඩාර්ලි මිචෙල් ලකුණු 48ක්, මිචෙල් සැන්ට්නර් ලකුණු 36ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 32ක් බැගින් රැස්කළේය.

පන්දු යැවීමේදී නෙදර්ලන්තය වෙනුවෙන් ආර්යන් දත්, පෝල් වෑන් සහ රෝයිලොෆ් වැන්ඩමර්ව් කඩුලු 2 බැගින් දවාගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 323 කි.

නෙදර්ලන්තය පන්දුවාර 46.3ක් අවසානයේදි සියල්ලන් දැවී ලබා ගත්තේ 223ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් කොලින් ඇක්රමින්න් ලකුණු 69 ද ,ස්කොට් එඩ්වඩ්ස් 30ද,සයිබ්රඩ් එන්ගලබ්ජ් 29ක් ලබා ගත්තා.

මිචෙල් සැන්ටර් 59කට කඩුලු 5ක් ලබාගත්තා.මැට් හෙන්රි කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?