නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (09) නෙදර්ලන්තය සහ නවසීලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 322ක් ලබාගත්තා.

පන්දුවට පහර දීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විල් යොන්ග් පන්දු 80 කදී ලකුණු 70ක් ලබා ගත් අත‍ර රචින් රවින්ද්‍ර පන්දු 51 කදී ලකුණු51 ක් ද ටොම් ලතම් පන්දු 45 කදී ලකුණු 53 ලබා ගැනීමට සමත් වුනා