කිං කෝලි සමඟ එක් වූ රාහුල් ඉන්දියාවට ජය කැඳවයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ 05 වන තරගය ලෙස අද (10) පැවති තරගයෙන් කඩුලු 06ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 199ක් රැස් කළා.

එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 41ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජඩේජා කඩුලු 03ක්, ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ ක්‍රීඩකයින් තිදෙනෙක් ලකුණු නොලබා සිටියදී ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් කටයුතු කළා.

අනතුරුව පිටියේ ස්ථාවර වූ ලෝකේශ් රාහුල් සහ විරාට් කෝලි ශතක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දියාවේ ජය මාවත විවරකර දුන්නා.

විරාට් කෝලි ලකුණු 85ක් රැස්කළ අතර ලෝකේශ් රාහුල් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 97ක්.

අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක ඉලක්කය පන්දුවාර 41යි පන්දු 02කදී කඩුලු 04ක් පමණක් දැවී තිබිය දී පසුකර යමින් තරගය ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46