2023 වසරේ කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් ගණන 5000 ඉක්මවයි

ගතවූ මාස 09 ක කාලය තුළ රැකියාවන් සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් 5091 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අතරින් 100 දෙනෙකු කාන්තාවන් බව සඳහන්.

මෙම මස 03 වැනි දින 54 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති අතර, අද තවත් 36 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

මෙරට ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියාවන් ලබා ගැනීම සදහා විදේශ රැකියා ඇමතිවරයා එරට රාජ්‍ය බලධාරීන්ට කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිසට රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

මෙලෙස පිටත්ව ගොස් ඇති අය අතරින් 3976 දෙනෙකු දකුණු කොරියාණු භාෂා පරීක්ෂණය සමත් වූ අයයි.

ඉතිරි 1115 දෙනා මීට පෙර දකුණු කොරියාවේ සේවය කර මෙරටට පැමිණ සිටි පිරිස බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයින් අතරින් පිරිමි 4100ක් සහ කන්තාවන් 98 දෙනෙකු නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා වන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිරිමි ශ්‍රමිකයින් 147 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

ධීවර ක්ෂේත්‍රයට පිරිමි ශ්‍රමිකයින් 741ක් සහ කාන්තවන් 02ක් ද පිටත්ව ගොස් ඇති අතර, කාෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස 09 තුළ මෙරට ශ්‍රමිකයින් 3460 දෙනෙකු රැකියාවන් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇතැයි සඳහන්.

ඒ අනුව 2023 වසරේ ගෙවී ගිය මාස 09ක කාලයට එය 44% ක වර්ධනයක් බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

මේ වන විට සෑම සතියකදීම ශ්‍රමිකයින් 200කට ආසන්න පිරිසක් කොරියාව බලා පිටත් කර යැවීමටයි කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග එක්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් ඇත්තේ.

රාත්‍රියේදී ශ්‍රමිකයින් 54 දෙනෙකු කොරියාව බලා පිටත්ව ගිය ගුවන් යානයෙන්ම අමාත්‍යවරයා ද නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොරියාව බලා පිටත්ව ගියා.

මෙරට ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා එරට බලධාරීන් සහ ඇමතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව පදනම් කරගත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ වසරේ ශ්‍රී ලාංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා 8,000ක් ලබාදීමට එකඟ වී තිබුණා.

කොරියානු භාෂාව පිළිබඳ දැනුමක් ඇති පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම තවදුරටත් ඉහළ නැංවීමට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාව එකඟ වී තිබෙනවා.

කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී පැවසුවේ දකුණු කොරියාව මේ වසරේ ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීම දෙගුණ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44