හරක් කටා පන්නන සැලසුමට සහාය වූ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන පැමිණිලි අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

හරක් කටා නැමැත්තා පළා යාමේ සැලසුමට සෘජුවම සහාය දුන් බවට මේ වනවිට අනාවරණය වී තිබෙන කොස්තාපල්වරයා පළා ගොස් අදට දින 20ක් ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

හරක් කටා පලායාමේ සැලසුමට ආධාර අනුබලදීම යටතේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් 4 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ විධිවිධාන යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත බාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15