‘හරක් කටා’ පන්නන්න සැලසුම් හැදූ දුරකථන දෙකක් කසළ ගොඩකින් සොයාගනී (ඡායාරූප)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ පළායන අසාර්ථක මෙහෙයුමේ දී කොස්තාපල්වරයා පරිහරණය කළ ජංගම දුරකථනය සහ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකථනය කඩවත, ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුළුස්සා තිබියදී අද (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට, පළා ගිය කොස්තාපල්වරයා විසින් සැත්කම්වල දී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සහ මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග කලවම් කර සාදන ලද කිරිටොෆි තේ පානයට පෙර ලබා දී ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙහෙයුමට සම්බන්ධ වී තිබුණා.

එම මෙහෙයුම අසාර්ථක වීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා පළාගොස් අදට දින 19ක් ගතවනවා.

ඒ, සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා ඒමෙන් අනතුරුව ඔහුව රැගෙන යාම සඳහා පැමිණ තිබූ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතුකළ පුද්ගලයා සහ සහායකයා වැලිගම – මුහුදු පාරේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ දිනේෂ් තරංග යන සැකකරු සහ අනෙක් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබුණා.

එලෙස සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ඉකුත් 10 වෙනි දින කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට දිවගෙන පැමිණෙන අවස්ථාවේ සිට කඩවත දක්වා මෝටර් රථයෙන් යන අවස්ථාව දක්වා මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකථනය මෙන්ම මෝටර් රථයේ රියදුරු මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය ද කඩවත අධිවේගී මාර්ගයට පිවිසෙන මාර්ගයේ තිබෙන ශ්‍රමදාන මාවතේ හෝටලයක් අසල කසල ගොඩක දමා ගිනි තැබූ බවට අනාවරණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අඩක් පිළිස්සී තිබූ දුරකථන දෙක සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

එම ජංගම දුරකථන දෙක සොයාගන්නා අවස්ථාවේ ඉතා කුඩා කොටසක් පමණක් පිළිස්සී තිබූ බැවින් විමර්ශන සඳහා යොදාගෙන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර කරගැනීමට හැකි වෙතැයි පොලිසිය වඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03