logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අම්මයි පුතයි එක්ව ගැබිණි දියණියට ගිනි තියලා

ගැබිණි තරුණියක් කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් ඇයට ගිනි තැබූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හාපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණියගේ මව සහ සහෝදරයා විසින් යාට මෙලෙස ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම 21 හැවිරිදි අවිවාහක දියණිය ගැබ්ගෙන ඇති බව දැනගත් ඇයගේ පවුලේ සාමාජිකයින්, කුස තුළ සිටින දරුවාගේ පියා කවුරුන් දැයි ඇයගෙන් විමසා තිබෙනවා.

එහි දී එම තරුණිය කිසිවක් නොපවසා ඇති අතර, ඊට කෝපයට පත් මව සහ සහෝදරයා ඇයව කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් සිරුරට හිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කැලයේ සිටි ගොවීන් කිහිප දෙනෙකු මෙම තරුණිය දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී වෛද්‍යවරු ඇයව මීරුට්ර හි ජයේ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

තරුණියගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ගිනි ගැනීමට ලක් වූ තරුණියට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඇය මීරට් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
20
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?