අම්මයි පුතයි එක්ව ගැබිණි දියණියට ගිනි තියලා

ගැබිණි තරුණියක් කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් ඇයට ගිනි තැබූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හාපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණියගේ මව සහ සහෝදරයා විසින් යාට මෙලෙස ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම 21 හැවිරිදි අවිවාහක දියණිය ගැබ්ගෙන ඇති බව දැනගත් ඇයගේ පවුලේ සාමාජිකයින්, කුස තුළ සිටින දරුවාගේ පියා කවුරුන් දැයි ඇයගෙන් විමසා තිබෙනවා.

එහි දී එම තරුණිය කිසිවක් නොපවසා ඇති අතර, ඊට කෝපයට පත් මව සහ සහෝදරයා ඇයව කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් සිරුරට හිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කැලයේ සිටි ගොවීන් කිහිප දෙනෙකු මෙම තරුණිය දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී වෛද්‍යවරු ඇයව මීරුට්ර හි ජයේ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

තරුණියගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ගිනි ගැනීමට ලක් වූ තරුණියට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඇය මීරට් රෝහලේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44