නර්තනයට ඇලුම්කළ තරුණයා නැටුම් පංතියේ දී අවසන් සුසුම් හෙළයි

අසල්වැසි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ තරුණයෙක් ජන නැටුම් ආකෘතියක් වන ‘ගාර්බා’ නර්තනයේ දී සිටිය දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

නර්තනයට ඇලුම්කමක් දක්වන මෙම තරුණයා එළඹෙන නවරාත්‍රී උත්සවයට සූදානම්වීම සඳහා, පටෙල් පාර්ක් ප්‍රදේශයේ පිහිටි ගාර්බා පන්තියක පුහුණුවීම් කරමින් සිටිය දී අනපේක්ෂිත ලෙස බිම ඇද වැටී තිබෙනවා.

එහිදී වහාම ඔහුව අසල පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, අනතුරුව ඔහු වෙනත් රජයේ රෝහලකට මාරුකර යව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සඳුදා රාත්‍රී 10:30 පමණ මෙම තරුණයා මෙලෙස අසනීප වී ඇති අතර, පසුව අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් වැළඳීමෙන් තරුණයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25